Ram (Random Access Memory) සිංහලෙන් සසම්භාවී මතකය ලෙස
හදුන්වනවා. Ram එක ගැන කතා කරන්න කලින් අපි පරිගණකයේ මතකය ( Memory) ගැන ටිකක් කතා කරමු.
පරිගණක මතකය
ප්‍රධාන කොටස් 02 කට බෙදාගන්න පුළුවන්,
1. Volatile Memory
2. Non-volatile Memory
Volatile Memory ලෙස හදුන්වන්නේ පරිගණකයේ
විදුලිය විසන්දි වීමක් සිදු වු විටකදී එසැනින්ම දත්ත හා තොරතුරු මැකියාමයි මෙය
වාෂ්පශීලී මතකය ලෙසට හදුන්වන්නත් පුළුවන්.
ඇත්තටම එය භයානක තත්වයක්.
Non-volatile Memory පරිගණකයේ විදුලිය විසන්දි වීමකදී ගැටළුවක් නොවී දත්ත එක ලෙසම රදවා තබා
ගන්නවා.
දැන් අපි කතා කරමු RAM (Random Access Memory) ගැන
RAM කියන්නේ අපි ඉහතදී කතා කල පරිගණක මතක අතරින් Volatile Memory අයත් වන උපාංගයක්. හරියම කීවොත් විදුලිය විසන්දි
වීමක් සිදු වු විටකදී එසැනින්ම දත්ත හා තොරතුරු මැකියන වාෂ්පශීලී මතකයක්.
Ram එක මගින් පරිගණකට Input device මගින් ඇතුලත් කරන දත්ත දරවාගෙන
ඒවා Processor එක වෙත යැවීමත්, Processor එක මගින් සකසා දෙන දත්ත නැවත Ram එක වෙත ලබා ගෙන ඒවා Output Device වෙත යැවීමත් සිදුකරනවා. ඒ වගේම අවශ්‍ය නම් Hard drive වගේ ස්ථීර මතයන් වෙතත් දත්ත යොමු කිරීම සිදුකරනවා.
පරිගණකයේ වේගයට Ram එක බලපානවද
ඇත්තම Ram එකේ Capacity එක වැඩි වෙන තරමට පරිගණයත් වේගවත් වෙනවා. පරිගණකයේ
වේගවත්ම උපාංගය වන්නේ Processor එක, මේ Processor එකේ වේගයට සාපේක්ෂව අනෙක් උපකරණ සියල්ලක්ම වගේ මන්දගාමීවයි
පවතින්නේ . විශේෂයෙන්ම Input සහ Output Device.
ඉතිත් මේ තරම් වේගයෙන් ක්‍රියාකරන Processor එකත් එක්ක Input සහ Output Device සෘජුම සම්බන්ධ වුවොත් Processor එකේ උපරිම කාර්යක්මතාවය අඩපන වීමක් සිද්ධ වෙනවා ඒකට
පිලියමක් ලෙසට RAM එක මේ සෑම දේම අතරමැදියෙක් ලෙස ක්‍රියාකරමින් Processor එකේ උපරිම කාර්යක්මතාවයට ලබා
වීමට සහය ලබා දෙනවා.
තාක්ෂණය අනුව Ram වර්ග
පරිගණක තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමගම ඊට සාපේක්ෂව RAM වල තාක්ෂණයත් වෙනස් වෙනවා. ඉතින් මේ තාක්ෂණය අනුවත් Ram තවත් කොටස් 02 කට බෙදෙනවා.
- SDR – Single Data Rate
- DDR – Double Data Rate
වර්තමානයේ නම් බොහෝ දුරට භාවිතා කරන්නේ මේ DDR කියන RAM වර්ගය. මේ DDR RAM එකත් තවත් කොටස් 04ට බෙදල තියෙනවා. මේවා බැලු බැල්මට
එක සමාන වුනත් යටින් පිහිටලා තියෙන පොඩි Cut එක අනුව වෙන්ව හදුනගන්න පහසු
වෙනවා.
වැදගත්ම දේ තමා Desktop පරිගණක හා Laptop පරිගණක වලට ගැලෙපෙන ආකාරයෙන් වෙන වෙනම Ram නිෂ්පාදනය කරල තියෙනවා.
ඒ
වගේම Ram එක මව්පුරුවට සවිකරන විට ටිකක් පරිස්සමට කරන්නත් ඕන වැඩක්.
<< Previous Post Next Post >>





No comments:
Post a Comment