Pages

දන්න කියන Processor එක


                  Processor (Central Processing Unit) එහෙමත් නැත්නම් මධ්‍යම සැකසුම් ඒකකය. හරියටම කීවොත් පරිගණකයේ මොලය.  පරිගනකයේ සියලුම පාලන කටයුතු හා ගණිතමය විසදුම් සිදුවන්නේ මෙම Processor ඇතුලේ.  Input Device මගින් අපි ලබාදෙන උපදෙස් සියල්ලම ගමන් කරන්නේ මෙම  Processor එක තුලට. ඉන් පසුව අසුරු සැනින් මෙම දත්ත සකසා පසුව Output device හරහා ප්‍රතිඵලය අපටම ලබා දෙනවා.


මේ විදිහට විදුලිවේගයෙන් ක්‍රියාත්මක වෙන Processor එකේ වේගය මනින්නේ Clock Speed මගින් (මෙමගින් පරිගණකයේ සියලු ක්‍රියාවලින්ගේ වේගය මනිනු ලබනවා). Clock Speed කියන්නේ තත්පරයකදී සිදුවන සැකසුම් වරයයි. මේ මනිනු ලබන්නේ Hz නැමති ඒකකයෙන්. තාක්ෂණයේ දියුණුවත් සමග මේ Hz වර්ධනය වීමක් වෙලා තිබෙනවා.

1000Hz  - 1kHz ( කිලෝ හර්ට්ස්)
1000kHz  - 1mHz ( මෙගා හර්ට්ස්)
1000mHz  - 1gHz ( ගිගා හර්ට්ස්)

මේ Speed එක කොටස් දෙකකට බෙදලා වෙන්කරලා තියෙනවා.

Internal Speed  - Processor තුල ඇති Cache සහ  Register වැනි කොටස් සමග ගනුදෙනු කරයි. සමාන්‍යයෙන් පරිගණකයේ වේගය ලෙස හදුන්වන්නේ මෙයයි.

External Speed – Processor එක හා සම්බන්ධ භාහිර කොටස් සමග ගනුදෙනු කරන්නේ මෙම වේගය සමගයි. විශේෂයෙන්ම Processor (CPU) සහ Ram අතර සිදුවන දත්ත හුවමාරුව හදුන්වන්න පුළුවන්


පරිගනකයේ ඇති Processor එකේ වේගය බලමු.


                          මුලින්ම desktop එකේ ඇති Computer Icon එක මත Right Click කරන්න. පසුව එහි යටම පෙන්වන Properties වෙත ගොස් Click කරන්න.    



Processor එක පරිගණකට භෞතිකය සම්බන්ධ වෙන්නේ Motherboard එකට සිංහලෙන් කීවොත් මව්පුරුවට. මෙන්න මේ Mother Motherboard එකේ තියෙනවා Socket එකක් ඒ මත තමා  Processor පිහිටලා තියෙන්නේ








Processor එකක් සවිකරන විට ඉතාමත්ම පරිස්සමින් කල යුතු වෙනවා එහෙම නැතිවුනොත් Socket එකේ ඇති Pin වලින් හානි සිදුවෙන්න පුළුවන්.





Processor එක ඇතුලට රිංගමු. 


                 Processor ඇතුලේ වෙන්නේ මොකක්ද කියන දේ ගැන දැන් අපිට ටිකක් අවබෝධයක් තියෙනවා. අපි කලින් කතා කරා වගේ Processor මගින් ගණිතමය ගැටළු විසදනවා. මේ විදිහට සකසා ගත්ත විසදුම් පිටත දෙන තෙක් රදවලා තබාගන්නේ Register කියන ස්ථානය මගින්.




මේ විදිහට විවිධ කාර්යය භාර්ය සදහා Processor ඇතුලේ කොටස් වෙන් කරලා තියෙනවා. දැන් අපි බලමු ඒ මොනවද කියලා.

Floating Point Unit (FPU)

ඉහත දී කතා කරපු ආකාරයට Processor එක මගින් ගණිත ගැටළු විසදීමේ කාර්ය සිදුකරන්නේ මෙන්න මේ කොටසින්. ඉතා අපහසු මෙන්ම සංකීර්ණ ගැටළු විදුලි වේගයෙන් විසදීමේ හැකියාවක් මෙයාට තියෙනවා.

Execution Unit
පරිගණකයට ලැබෙන සියලුම උපදෙස් සකසන්නේ මෙන්නම මේ කොටසින්.


Primary cache
මේ කොටස L1 එහෙමත් නැත්නම් Level 1 කියලත් හදුන්වනවා. Processor එක ඇතුලේ සිට RAM එකත් සමග වේගයෙන් දත්ත හුවමාරු කර ගැනීමේ කාර්ය සිදුකරන වැඩකාරයා.


 Branch Predictor
Processor එකට අවශ්‍ය උපදෙස් ලබා දීමේ භාරදූර කාර්යය සිදුකරන්නේ මෙයා.


Bus Interface
Processor එක සිදු කරන සැකසුම් අනෙකුත් උපාංග වෙත රැගෙන යාමේ කාර්ය සිදුකරන්නේ මෙන්න මේ කොටස මගින්.  විශේෂයෙන්ම Output device වැනි උපාංග වලට.

Processor එක ලෝකයට ප්‍රථමයෙන්ම හදුන්වලා දුන්නේ ලෝක ප්‍රසිද්ධ Intel සමාගය විසින්. මේ විදිහට කෙමෙන් කෙමෙන් දියුණු කරපු Processor එක විවිධ ආකාරයෙන් දියුණුවට පත් වුනා. 



INTEL ප්‍රොසසරය ආ ගමන් මග

  • Intel 4004 Processor
  • Intel 8008 Processor
  • Pentium I  Processor
  • Pentium  Pro
  • Pentium II Processor
  • Pentium III  Processor
  • Pentium IV Processor
  • Dual Core Processor
  • Core 2duo  Processor
  • Quad Core  Processor
  • Core i3  Processor
  • Core I 5  Processor
  • Core i7 Processor


තවත් දවසක Processor ගැන කතා කරන්න බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. සුභ දවසක්. 










No comments:

Post a Comment