අද අපි කතා
කරන්නේ EXCEL 2013 ගැනයි. නමුත් 2007,2010,2019 පාවිච්චියට ගන්නා අයට වුනත් මේ ලිපිපෙල ප්‍රයෝජනවත්
වෙනවා.
මුලින් අපි EXCEL වැඩසටහන open කරගන්නේ
කෙසෙදැයි බලමු. ඒ පහත පරිදිය.
Start > All Programs > Microsoft Office>> Microsoft Excel 2013
( මෙය භාවිතා
කරන මෙහෙයුම් පද්ධතිය අනුව වෙනස් වේ )
වැඩසටහන open කර ගත් පසුව ඉහත
පරිදි window එකක් දිස්වෙයි. මේවා ආකෘති හෙවත් Templates ලෙස හදුන්වනු ලබන අතර
විවිධ ප්‍රයෝජන සදහා භාවිතා කරනවා. ඔබ අන්තර්ජාලයට සම්බන් වී සිටිනවානම් විවිධ
මාලියේ Templates දැකගත් හැකියි.
මින් ඔබ
තෝරාගත යුත්තේ පලමුවෙන්ම ඇති Blank workbook යන්නයි. පසුව පහත
පරිදි Sheet එකක්
දිස්වෙනවා.
Excel Work Sheet (වැඩපත )
![]() |
Excel layout (ආකෘතිය) ගැන දැන සිටීම
ඉදිරිපාඩම් සදහා ඔබට වඩාත් ප්‍රයෝජනවත් වන නිසා අපි මේ Layout එකේ තියෙන්නේ මොනවද
කියලා බලමු.
- Quick access tool bar
- Title bar
- Tabs
- Formula bar
- Menu Bar
- Ribbon
- Group
- Icons (tools)
- Name box
- Sheet
- Status bar
- Scrolls bar
![]() |
රතු පාට
කොටසින් පෙන්වා දී අත්තේ Menu bar මත පිහිටි tabs ය. මෙම tab එකක් මත click කිරීමේදී ඊට අදාල Ribbon එක හා tools ද පෙන්නුම් කරයි.
මෙම Ribbon එක මත විවිධ වු Groups (clipboard, Font, Alignment, number, etc..) පිහිටා ඇති අතර ඒවා
තුල tools දක්නට ලැබේ.
දැන් අපි excel sheet එක තුලට අවදානය යොමු
කරමු.
මෙහි “නිල්” පැහැයෙන්
පහලට ඇති තීරුව Column එකක්
ලෙසට හදුන්වනු
ලබන අතර මේවා නම් කරල තියෙන්නේ
English
Alphabet පිලිවලට. මෙහි එක් පිටුවක (Sheet) එකක Columns 16384 ක් අඩංගු වෙනවා. Column නම් කරලා තියෙන පිලිවලට ගත්තොත් XYZ දක්වාම දක්නට ලැබෙනවා.
මෙහි “කොල” පැහැයෙන්
හරහට දක්වා ඇති තීරුව Row එකක්
ලෙසද මෙහි එක්
පිටුවක (Sheet) එකක Rows 1048576 ක් අඩංගුවේ. ඒවා නම් කරල තියෙන්නේ 1,2,3 අදී පිලිවෙලට.
ඒවා Sheet එකේ වම් පස
දක්නට ලැබෙනවා.
මෙහි “රතු”
පැහැයෙන් දක්වා ඇතතේ cell එකක්. ඒවා Columns හා Rows ඡේදනය වීමෙන්
නිර්මාණය වෙනවා.
Excel කෙටි ක්‍රම
භාවිතය (Key board Shortcut)
Excel භාවිතා කිරීමේදී මෙහි වැඩ ඉක්මනින් හා පහුසුවෙන් කරගැනීමට අපට කෙටික්‍රම භාවිතා කරන්න පුලුවන්. ඉන් එක් ක්‍රමයක් විදිහට Key
board Shortcut හදුන්වා දීමට පුලුවන්
Ctrl + N - නව ලේඛනයක් විවෘත
කිරීමට (New Document)
Ctrl + S - ලේඛනය තැම්පත් කිරීමට ( Save
Document )
Ctrl + O - කලින් ලේඛනයක් විවෘත
කිරීමට ( open Document)
Ctrl + P - ලේඛනයක් පිටපත් කිරීමට
(Print
Document )
Tab Key - පිටුවේ දකුණු
පසට ගමන් කිරීමට
Home - පවතින Row එකේ පලමු Column එකට ගමන් කිරීමට
Ctrl + Home – කිසියම්
ස්ථානයක සිට පලමු Cell එකට (A1) ගමන් කිරීමට.
Ctrl + Page Down - ඊලග පිටුවට (Sheet) ගමන් කිරීමට
Ctrl + Page UP - පෙර පැවති පිටුවට (Sheet) ගමන් කිරීමට
End + Right Arrow - අවසාන Column එකට (XFD) ගමන් කිරීමට.
End + Left Arrow - පලමු Column එකට
ගමන් කිරීමට
End + Down Arrow - අවසාන Row එකට (1048576) ගමන් කිරීමට
End + Up Arrow - පලමු Row එකට
ගමන් කිරීමට
F5 - අවශ්‍ය CELL එකකට ක්ෂණිකව පිවිසිමට (පහත පරිදි window එකක් දර්ශණය වේ එහි Reference යන ස්ථානයේ ඇති text Box එක මත අදාල cell
address එක type කරන්න.)
උදා - J 15 යොදා OK කරන්න. (J 15 නැමති CELL එක වෙත පිවිසෙයි)
වැඩ පිටුව වෙනස් කිරීම (Change
worksheet)
Excel sheet එක එහෙමත් නැත්නම් වැඩ පිටුව (worksheet) වෙනස්කම් වලට ලක් කරගන්න
පුලුවන්. මුලින්ම worksheet නම මත Right click
කරන්න. පහත පරිදි
දිස්වෙයි. මෙහි එකින් එක
ගැන පහත විස්තර කරලා දෙනවා.
Insert - නව වැඩ පිටු
ඇතුලත් කර ගැනීමට
Delete - වැඩ පිටුව මකා
දැමීමට
Rename - වැඩ පිටුව නම්
කිරීමට
Protect sheet - වැඩ පිටුව ආරක්ෂාවට
මුරපද (Password) යෙදීමට
Tab color - වැඩ පිටුවෙහි නම සදහන්
ස්ථානයට පාට යෙදීම (මේ සදහා
ඉදිරියේ ඇති ඊ හිස මත click කරන්න )
Hide - වැඩ පිටුව
සැගවීමට
ඊලග පාඩමින්
නැවත හමුවෙමු. සුභ දවසක් !






No comments:
Post a Comment