![]() |
| මහා ඇලෙක්සැන්ඩර් රජු.. |
පුරාතන මැසිඩෝනියාවේ රජකම් කල දෙවන පිලිප් සහ ඔහුගේ බිරිඳ ඔලිම්පියාස් රැජිනියට දාව ක්‍රි.පූ. 356 ජූලි මාසයේදී කුඩා පුත් කුමරෙකු බිහිවිය. ඔහු නමින් ඇලෙක්සැන්ඩර් නම් විය. කුඩා ඇලෙක්සැන්ඩර් කුමරුට ගුරුහරුකම් කලේ එකල සිටි ශ්‍රේෂ්ඨ දාර්ශණියකු වු ඇරිස්ටෝටල් පඩිතුමා විසිනි.
![]() |
| දෙවන පිලිප් රජු |
කුමරු තුරුණු විය එලඹෙත්ම දෙවන පිලිප් රජුව සතුරන් අතිත් ඝාතනය විය. පසු ඒ රජ්‍යත්වය ඇලෙක්සැන්ඩර්ට උරුම වු අතර ඒ වන විට රට අරාජික වෙමින් පැවති සමයකි. එසේ සතුරුකම් මධ්‍යයේ වුවද බලවත් මැසිඩෝනියානු රාජ්‍ය නැවත හිස ඔසවනු ලැබිනි. ඉන් නොනැවතුනු ඇලෙක්සැන්ඩර් ඇතුලු පිරිස තම රාජ්‍යයේ නිම්වළලු පුලුලු කර ගැනීම පිණිස, අසල්වැසි රාජ්‍යයන් සමග සටන් වැදින.
ඔහු සිය හමුදාව ආසියාව, සිරියාව සහ ඊජිප්තුව යන පර්සියානු ප්‍රදේශ හරහා කිසිදු පරාජයකින් තොරව ජයග්‍රහණ කරා ගෙන රැගෙන ගියේය. ඔහුගේ ලොකුම ජයග්‍රහණය වූයේ ක්‍රි.පූ. 331 දී උතුරු ඉරාකයේ ගුගමෙලා සටනේදී ය. පිට පිට ලබාගත් ජයග්‍රහණයන් හමුවේ වයස අවුරුදු 25 වු මැසිඩෝනියාවේ කුමරා, ග්‍රීකයන්ගේ නායකයා බවටත්, ආසියාවේ අධිපතියා බවටත් සහ ඊජිප්තුවේ පාරාවෝ බවටත් පත්විය. එසේම පර්සියාව යටත් කර ගැනීමෙන් අනතුරුය ඔහු 'මහා ඇලෙක්සැන්ඩර් රජු' ලෙස විරුධාවලිය ලැබීය.
කල්යත්ම බටහිරින් ග්‍රීසියේ සිට උතුරට ඩැනියුබ් දක්වාත්, දකුණින් ඊජිප්තුව දක්වා සහ නැගෙනහිරින් ඉන්දියානු පන්ජාබ් දක්වාත් මහාද්වීප තුනක් පුරා ඔහුගේ අණසක පතුරවා හරින ලදී. එම මහත්දීපයන් හි සිය වෙළද කටයුතු පවත්වාගෙන ගිය අතරම විශාල ධනස්කන්දයක් ඔහු කෙරෙහි ඇදී ආවේය.
මෙසේ කල්ගත වෙත්ම ඔහුගේ බලසම්පන්න බව දේවාරූඩයක් දක්වාම ජනයා විශ්වාස කිරීමට පොලඹවන තත්වයට පත් වුවුද අවසානවට මෙන් උණ රෝගයකට ගොදුරු වු මහා ඇලෙක්සැන්ඩර් ක්‍රි.පූ 323 ජුනි මාසයේදී මරණයට පත්විනි.
<< Previous Post Next Post >>




No comments:
Post a Comment