Pages

දත්ත හා තොරතුරු

ත්ත සමුදාය එහෙමත් නැතිනම් Database යන්න ගැන කතා කරන විට අපි අනිවාර්යෙන්ම දැනගතුම දෙයක් තමා දත්ත හා තොරතුරු කියන දේ ගැන

දත්ත ( Data )

 කිසිදු අයුරකින්වත් යම් හෝ සකස් කිරීමකට පත් නොකල අකුරු(text), වස්තූන්(object) , සංඛ්‍යා(number) සංකේත (symbol) දත්ත හෙවත් අමු දත්ත ලෙස හදුන්වයි.


උදා :-   

          රවි 67,69
          සම්පත් 82,60
          ගිහාන් 90,54
          නවීන් 54,34



මින් යම් තීරණයකය එළඹීමට අත්තටම අපහසුයි.  


දත්ත තව දුරටත් මෙලෙසද ඉදිරිපත් කල හැකිය.


  • ලිඛිත සටහන් - (text)
  • සංඛ්‍යා - (0-9)
  • අකුරු - (A – Z) (z – a)
  • සංකේත - (* $ ! ? # ^) 


තොරතුරු (Information)

ඉහත කී දත්තයන් ග්‍රහකයින්ට වඩාත් පහසුවෙන් තීරණයකට එලඹීමට හැකිවන පරිදි සකස් කල පසුව ඒවා තොරතුරු ලෙස  හදුන්වයි


උදා :-


Name
Maths
English
රවි
75
65
සම්පත්
82
60
ගිහාන්
60
54
නවීන්
54
32



මෙමගින් ලබන්නාට නිවැරදි තීරණ හා නිගමනයන්ට එලඹීම පහසුය.


තොරතුරු වල ලක්ෂණ

  • තීරණ ගැනීම පහසුයි. 
  • යාවත්කාලීන වේ. 
  • නිවැරදි.
  • නියමිත වටිනාකමක් තිබේ.
  • සෑම විටම අර්ථාන්විත වේ.

දත්ත සමුදාය (Database)

එකිනෙකට අන්තර් සම්බන්ධතායවක් සහිත දත්තයන්ගේ එකතුවක්. තවත් ආකාරයකට කීවොත් දත්ත කීපයක් එකට ඒකරාශී වීමක්.  



No comments:

Post a Comment